දෙපාර්තමේන්තුගත තනතුරුවලට අදාල ශ්‍රේණිවල බඳවාගැනීමේ සිට විශ්‍රාම ගැන්වීම දක්වා වූ සියළුම රාජකාරී, ඒකාබද්ධසේවයේ නිරත සේවකයන්ගේ හා නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කර පවත්වාගෙන යාම, නිලධාරීන්/සේවකයින් පුහුණු කිරීම් කටයුතු සහ මානව සම්පත් සංවර්ධන කටයුතු, සේවක විනය පවත්වාගෙන යාම හා පිරිස් පාලනයට අදාල සියළුම කටයුතු ඉටුකිරීම මෙම අංශය මගින් සිදුකරනු ලබයි.
 
 

තැපැල් අංශය
 

තැපෑලෙන් සහ අතින් ලැබෙන සියලුම ලිපි හා අයදුම්පත් අදාල දිනමුද්‍රාව යොදා ලේඛණගත කර අදාල අංශ වෙත යොමු කරනු ලබයි.
   
 

නීති අංශය
 
දෙපාර්තමේන්තු නීති අංශය පහත සඳහන් කාර්යයන් සම්බන්ධයෙන් කටයුතු කරයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන උල්ලංගනය කරන්නන් වෙනුවෙන් නීතිමය කටයුතු කිරීම.
ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉදිරිපත් කරන ලිපිලේඛණ වල නීතිමය ගැටලු මතු වූ විටක ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කිරීම. රාජ්‍ය ආරක්ෂක අංශ විසින් හැඳුනුම්පත් පරීක්ෂා කිරීම් වලදී සිදුවන පුද්ගල අනන්‍යතා ගැටළු සම්බන්ධයෙන් විමසන අවස්තා වලදී ඒ පිළිබඳ විසඳුම් ලබාදීම.
දෙපාර්තමේන්තුව සම්බන්ධ අධිකරණ කටයුතු වලදී නීතිමය කරුණු දැක්වීම.
   
 

ලේඛණාගාර අංශය
 
ජාතික හැඳුනුම්පත් වලට අදාල තොරතුරු ඇතුලත් සුචිපත්‍ර තැන්පත් කර තබනුයේ ලේඛණාගාරයේය. අනු පිටපත් නිකුත් කිරීමේදී, සංශෝධනය කිරීමේදී ද මෙම සුචිපත්‍ර පරීක්ෂා කර අවශ්‍ය තොරතුරු සසඳා බැලීම මෙම අංශයෙන් කරනු ලැබේ. මීට අමතරව හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාල ඉල්ලුම්පත්, ලියකියවිලි සුරක්ෂිතව ගබඩාකිරීම මෙහිදී සිදු වේ.
   
 

ජංගම අංශය
 
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන සියළුම ජංගම සේවා මෙම අංශය මගින් මෙහෙයවනු ලැබේ. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ ජංගම සේවා ක්‍රියාත්මක කිරීම. විවිධ අමාත්‍යංශයන් / රාජ්‍යනොවන ජාත්‍යන්තර සංවිධානයන් සමග සම්බන්ධ වී, හදිසි විපත් නිසා හැඳුනුම්පත් විනාශ වූවන්ට හා වතු අංශයන් හි පදිංචි කරුවන් වැනි අයට හැඳුනුම්පත් නිකුත් කිරීම. විවිධ රාජ්‍ය / පෞද්ගලික ආයතන වල කාර්යාල වෙත ගොස් ජංගම සේවා පැවැත්වීම හා හැඳුනුම්පත් ලබාගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කිරීම.