මුල්වරට හැඳුනුම්පත් නිකුත් කිරීමේ අංශය
 

මේ යටතේ ඒ, බී හා සී වශයෙන් අනු අංශ 3 ක් පවතින අතර, නව හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉදිරිපත් වන මුල් අයදුම්පත්‍ර ඒ ඒ අනු අංශයේ ඇති දිස්ත්‍රික් භාර නිලධාරියාට යොමුකරනු ලැබේ. ඔවුන් එම අයදුම්පත් අනුමත කිරීමෙන් පසු බල සහිත කර අංක අංශය වෙත යොමු කරයි.
   
 

අනුපිටපත් අංශය
 
ජාතික හැඳුනුම්පත නැතිවීම හේතුකොටගෙන අනුපිටපතක් ලබාගැනීම සඳහා ඉල්ලුම්කරන සියළුම අයදුම්පත් සම්බන්ධයෙන් අදාල කටයුතු කරනු ලබනුයේ මෙම අංශයෙනි.
අයදුම්පත අනුපිටපත් අංශයට ලැබුනු පසු පළමුව ලේඛණාගාර අංශය වෙත අයදුම්පත යවයි. අදාල සුචිය ඇත්නම් ඒ අනුව සත්‍යද බලා අනුමත කිරීමේ නිලධාරියෙකු මගින් අයදුම්පත අනුමත කිරීමෙන් අනතුරුව සංවාහක අංශයට යවනු ලබයි.
අදාල සුචිය නැත්නම් අංක විමසීම සඳහා අංක අංශයට යවයි. අංක අංශයේ වාර්තා අනුව අනුමත කිරීමේ නිලධාරියා අදාල ඉල්ලුම් කරුට හැඳුනුම්පත නිකුත් කරනු ලබයි. ලේඛණාගාර අංශයේ හා අංක අංශයේ වාර්තා නොමැති අයදුම්කරුවන් සම්බන්ධයෙන් අංකය භාවිතා කළ බවට ලිඛිත සාක්ෂි කැඳවීමෙන් එම අංකය ලබා දීම හෝ ප්‍රාදේශීය ලේකම් වාර්තාව පදනම් කරගෙන නව අංකයක් යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීම කරනු ලබයි.
   
 

අංක අංශය
 
අයදුම්කරුවන්ගේ උපන්දිනය පදනම්කරගෙන සෑම අයදුම්කරුවෙකුටම අංකයක් ලබාදීම මෙම අංශය මගින් සිදු කරනු ලැබේ. මෙම අංකය ජාතික හැඳුනුම්පත් අංකය ලෙස හැඳින් වේ. එමෙන්ම ලබාදී ඇති අංකයන්හි නිරවද්‍යතාවය තහවුරු කර ලබාදීමද මෙම අංශයේ කාර්යයභාරයකි.
   
 

වතු අංශය

 

වතු ආශ්‍රිතව පදිංචි වී සිටින පුද්ගලයින් විසින් යොමුකරනු ලබන මුල්/සංශෝධන/අනුපිටපත් යන සෑම අයදුම්පතක් සම්බන්ධවම මෙම අංශයෙන් කටයුතු කරනු ලබයි. එම අයදුම්පත් සඳහා බලය පැවරීමෙන් පසු අංක කිරීමේ අංශය වෙත යොමු කරනු ලබයි.

   
 

සංවාහක අංශය

 

අයදුම්පත්‍ර අනුමත කිරීමෙන් පසුව අදාල අංශ වෙතින් ලැබෙන පුලිදෙ/වි/1, පුලිදෙ/වි/7 සහ පුලිදෙ/වි/8 යන අයදුම්පත්වල සපයා ඇති තොරතුරු හැඳුනුම්පත් කාඩ් පතෙහි ඇතුලත් කර, ඡායා රූපය අලවා සකස් කරනු ලබන්නේ මෙම අංශය මගිනි. අදාල කටයුතු නිම කිරීමෙන් පසු හැඳුනුම්පත ලැමිනේටින් අංශය වෙත යවනු ලැබේ.

   
 
ලැමිනේටින් අංශය
 
සංවාහක අංශයෙන් තොරතුරු සහ ඡායාරූපය අලවා සකස් කළ හැඳුනුම්පත් කාඩ්පත ලැමිනේටින් කරනු ලබන්නේ මෙම අංශය මගිනි.
   
 
බෙදාහැරීම් අංශය
 
මෙම අංශය මගින් ලැමිනේටින් කරන ලද හැඳුනුම්පත් පුද්ගලයින් වෙත නිකුත් කිරීම සඳහා අදාල මෙහෙයුම් අංශ වෙත යොමුකරනු ලබයි.
   
 
පරිගණක අංශය
 
වර්තමානයේ නිකුත් කරන හැඳුනුම්පත් වල තොරතුරු සහ ලේඛණාගාර ගත කර ඇති මෙතෙක් නිකුත් කළ හැඳුනුම්පත්වල තොරතුරු ක්ෂයවීම්,ව්‍යාජසැකසීම්,වෙනස්කිරීම් වලක්වා ආරක්ෂිතව සහ තෝරා ගැනීම.

පහසුවන පරිදි පරිගණක ගත කිරීම සඳහාත්, දැනට භාවිතා කරන හැඳුනුම්පතකට වඩා ආරක්ෂිත නව හැඳුනුම්පතක් නවීන තාක්ෂණය යොදාගෙන නිර්මානය කර නිකුත් කිරීම සඳහාත් මෙම අංශය මූලික වශයෙන් ආරම්භ කර ඇත.

   
 

සංඛ්‍යාලේඛණ අංශය

 

ජාතික හැඳුනුපත් සඳහා අයදුම්පත් ලැබීම සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳ වාර්ෂික හා මාසික වාර්තා රුස්කර තබාගැනීමත් , ඒවා විශ්ලේෂණය කර අවසන් දත්ත සැපයීමත් මෙහිදී සිදු වේ. ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කල වර්ෂයේ සිට මේ දක්වා එනම්, 1972 සිට 2004 දක්වා සංඛ්‍යා ලේඛණ පහත දැක්වේ.