Electronic National Identity Card Project (e-NIC Project )  
   

 

විද්යුත් හැදුනුම්පත් (e-NIC) ව්යාපෘතිය

හැදින්වීම

වර්ෂ 1968ක් වු අංක 32  දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ වයස අවුරුදු 16 ට වැඩි ශ්රී ලාංකික පුද්ගලයන් සදහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අභ්යන්තර පරිපාලන අමාත්යංශය යටතේ ක්රියාත්මක වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හට පැවරී ඇත. තවද 2004 වර්ෂයේ අංක 14 දරණ මැතිවරණ පනතේ විශේෂ වගන්තිය යටතේ සියළුම ඡන්ද දායකයින් සදහා ඡන්ද පත්රිකාවක් නිකුත් කිරීමට පෙර ඔවුන් ගේ අනන්යතාවය තහවුරු කිරීම සදහා ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කොට ඇත.මෙයට අමතරව රටේ පවතින ආරක්ෂක තත්වය  යටතේ දැනට භාවිත වන ජාතික හැඳුනුම්පත විවිධ ක්රම මගින් වෙනස් කිරීම් කළ හැකිය. මේ හේතුව නිසා ජාතික හැඳුනුම්පතක් නිකුතු කිරීම ඉතා කඩිනමින් සිදුවිය යුතු බව රජය පිළිගෙන ඇත. එම කාර්ය පරිගණක ගත ගත කොට ඉතා ඉක්මනින් හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා භාණ්ඩාගාරයේ හා අමාත්යය මණ්ඩලයේ අනුමැතිය ඇතුව අභ්යන්තර පරිපාලන අමාත්යංශය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ව්යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම ව්යපෘතිය මගින් වඩා විශ්වාසනීය හා ආරක්ෂාකාරී ජාතික හැඳුනුම්පතක් ඉතා විගසින් දීමට හැකි වන අතර එය තහවුරු කර ගැනීමේ යාන්ත්රණය ඉතා පහසුවෙන් ක්රියාත්මක කිරීමටද හැකිවනු ඇත. අතිගරු ජනාධිපති තුමාගේ මහින්ද චින්තන සංකල්පයට අදාළව ක්රියාක්මක වන මෙම ව්යාපෘතියක් යටතේ එකවර ක්රියාත්මක කිරීම සඳහා සියළුම කාර්යයන් ගොනුටකාට එකම ව්යාපෘතියක් යටතේ එකවර ක්රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. තවද මෙම ව්යාපෘතිය e - ශ්රී ලංකා ප්රතිපත්තියට අදාළව ක්රියාත්මක වනු ඇත.

ව්යාපෘතියේ අභිමතාර්ථයන්

මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වනුයේ පරිගණකගත කරන ලද වඩා ආරක්ෂාකාරී වෙනස් කිරීම් වලට ඔරොත්තු දෙන නවීන පන්නයේ විද්යුත් ජාතික හැඳුනුම්පත් හඳුන්වා දීමයි. මෙමගින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්රියාවලිය වඩා කාර්යක්ෂම වන අතර ඉල්ලුම්පත් භාර ගැනීමේ ක්රියාවලිය වඩා විධිමත්ව විමධ්යගත වනු ඇත. දැනට ක්රියාකාරීත්වයේ පවතින ඉල්ලුම්පත් සංඛ්යාව ඉතා සීඝ්රයෙන් අවම කිරීමට හැකි වන අතර දැනට පවතින ජාතික හැඳුනුම්පත වෙනුවට නව හැඳුනුම්පතක් නිකුත් කරනවා ඇත. මෙමගින් පුරවැසියන් හට වලංගු හැඳුනුම්පතක් ලැබෙන අතර ඔවුන්ගේ දත්තයන් ඉතා පහසුවෙන් යාවත්කාලීන කිරීමේ ක්රියාවලියක්ද අන්තර්ගත වනු ඇත. මෙම ක්රියාවලියන් සියල්ලම මානා ලෙස පාලනය කිරීම සඳහා සියළුම පහසුකම් සහිත මධ්යගත පරිගණක මෙහෙයුම් මැදිරියක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයේ පිහිටුවනු ලබයි. තවද  ප්රාදේශීය ලේකම් කාර්යාල 331 ක් තුළ ඇති RPD ශාඛා කාර්යාල සියළුම පහසුකම් සැපයීම මගින් ඒවා වැඩි දියුණුවන අතර එමගින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්රියාවලිය ඉතා පහසු කරනු ලබයි.

අපේක්ෂිත ප්රතිලාභ

1.     ශ්රී ලාංකික පුරවැසියන්ට පහසු මිලට, ජාත්යන්තර තත්ත්වයට උසස්, වෙනස් කිරීම් හා අපහරණයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති පරිගණකගත නවීන පන්නයේ ජාතික හැඳුනුම්පතක් ලැබීම.

2.     පුරවැසියන්ට පහසුවන පරිදි ඔවුන්ගේ දත්ත එකතු කිරීම හා පරිගණකගත කරීමට ස්ථාන ඇති කිරීම.

3.     පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් නිකුතු කිරීමේදී අනුමැතිය ලාබාදීමේ හා අනෙකුත් අදාල කාර්යය පටිපාටියක් ස්වයංක්රීය කිරීම තුළින් කිරීමේ කාර්යයන් මනා කාර්යක්ෂමතාවයකින් පවත්වා ගෙන යාම.

4.     සෑම ප්රාදේශීය ලේකම් කාර්යාලයම මනා පහසුකම් වලින් යුත් RPD ශාඛා කාර්යාලයන් පිහිටුවා ඉල්ලුම්පත් භාර ගැනීම සහ ඒවා සකස් කිරීම මගින් විමධ්යගත කිරීම

5.     පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්යගත දත්ත ගබඩාවක් පිහිටුවීම මගින් එහි පුරවැසියන් ලියාපදිංචි කිරීමේ හා හැදුනුම්පත්වල දත්තයන් විද්යුත් මාර්ගයෙන් පහසුවෙන් ගබඩා කිරීමට හැකිවනු ඇත. තවද මෙම දත්ත ගබඩා කිරීමට හැකිවනු ඇත. තවද මෙම දත්ත ගබඩාව ජාතික වශයෙන් වැදගත් වනු ඇති අතර එය අනෙකුත් රජයේ හා පෞද්ගලික ආයතනයන්ට උපකාරී වනු ඇත.

6.     මෙම නවීන විද්යුත් හැදුනුම්පතෙහි දත්තයන් නිවැරදිව හා යාවත්කාලීවන ලෙස අන්තර්ගත වන බවට වග බලා ගැනෙනු අතර මෙම යාන්ත්රණය පුද්ගලයින් හදුනා ගැනීමේදී හා ඔවුන්ගේ අනන්යතාවය තහවුරු කිරීමේදී ප්රයෝජනවත්වේ.

ව්යාපෘතියේ වියදම් සහ මුල්ය ප්රභවයන්  

මෙම ව්යාපෘති මුළු වියදම වු රු.මිලියන 4830.6 කි. මෙම මුළු මුදලම ශ්රී ලංකා ජනරජය මඟින් දරණ අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ සහ අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇත.මෙහි මුලික  වැඩ කටයුතු 2006 ජුනි මස 22 වන දින ICTA ආයතනය සහ පුද්ගලයින් ලියාපංදිචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවභෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් ආරම්භ වුනි. මෙම ගිවිසුමට අනුව ලෝක බැංකු මූල්යාධාර නොලැබීමෙන් ව්යාපෘතියේ මුළු වියදම ශ්රී ලංකා රජය මගින් දැරීමට තීරණය විය. ඒ අනුව අභ්යන්තර පරිපාලන අමාත්යාංශය සහ ඒ යටතේ ක්රියාත්මක වන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරනු ඇත. වර්ෂ 2009 පමණ නව විද්යුත් ජාතික හඳුනුම්පතක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඇනට භාවිත වන හැඳුනුම්පත වර්ෂ 2015 වන තෙක් පියවරෙන් පියවරට ප්රතිස්ථාපනය කරනු ඇත.

ව්යාපෘතියේ ප්රධාන අංශයන්

1.     e-NIC මෘදුකාංග පද්ධතිය සංවර්ධනය කිරීම.

2.     පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන දත්ත මධ්යස්තානය පිහිටුවීම හා සංවර්ධනය කිරීම.

3.     පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ ප්රාදේශීය ලේකම් කාර්යාලවල RPD ශාඛා කාර්යාල පිහිටුවීම සහ ඒවා සංවර්ධයන කිරීම.

4.     දත්ත රැස් කිරීම සහ හැඳුනුම්පත් මුද්රණය කිරීම.

5.     ව්යාපෘති කළමනාකරණය

සැලසුම්ගත ක්රියාවලිය

(අ) ජාත්යන්තර මට්ටමේ ටෙන්ඩර කැඳවීම තුලින් ව්යාපෘතියේ ප්රධාන අංශ 4 ක්රියාත්මක  කිරීම   සඳහා සුදුසු සේවා දායකයෙකු තෝරා ගනු ලබයි.

(ආ) දිවයිනේ ඇති සියළුම ප්රාදේශීය ලේකම් කාර්යාලවල RPD ශාඛා කාර්යාල පිහිටුවීම   සහ ඒවාට අවශ්ය සියලු පහසුකම් සැපයීම.

(ඉ) සේවා දායකයා විසින් සිදු කරණු ලබන සේවාවන් සම්බන්ධීකරණය, මෙහෙයුම් කිරීම ව්යාපෘතිය මගින් ඉටුකරනු ලබයි.

(ඊ) ව්යාපෘති කළමනාකරණය මගින් ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා අනෙකුත් කාර්යයන් සම්බන්ධීකරණය මෙහෙයවීම කරණු ලබයි.

ලසුම්ගත ක්රියාවලියන් සහ එහි ප්රගතිය

ජාත්යන්තර මට්ටමේ ටෙන්ඩර කැදවීම තුළින් ව්යාපෘතියේ පහත සදහන් සැලසුම්ගත ප්රධාන අංශ ක්රියාත්මත කිරීම සදහා සුදුසු සේවාදායකයකු තෝරා ගෙන යනු ලබයි.

-          e NIC මෘදුකාංග පද්ධතිය සංවර්ධනය කිරීම

-         පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන දත්ත මධ්යස්ථානය පිහිටු වීම හා සංවර්ධනය කිරීම

-         පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල 331 කට හා කොළඔ පිහිටි ප්රධාන කාර්යාලයට අවශ්ය උපකරණ සහ ඉලෙක්ට්රෝනික යටිතල පහසුකම් සැපයීම හා සංස්ථාපනය කිරීම

-         දත්ත රැස්කිරීම සහ හැදුනුම්පත් මුද්රණය කිරීම

ඒ අනුව සේවාදායකයකු තෝරා ගැනීමෙන් පසු දිවයිනේ ඇති සියලුම (331) ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාල තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාලයන් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.

 
 
ව්‍යාපෘති භාගැනීම සඳහා පහත සිරස්තල මත ක්ලික් කරන්න..
 
   යාවත්කාලීන ව්‍යාපෘති