වර්ෂ 1971 අංක 28 සහ අංක 37 දරණ පනත හා වර්ෂ 1981 අංක 11 දරණ පනත මගින් සංශෝධනය කරනු ලැබූ වර්ෂ 1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත් ප්‍රතිපාදන යටතේ වයස අවු 16 හා ඊට වැඩි ශ්‍රී ලංකාවේ සියළුම පුරවැසියන් ලියාපදිංචි කිරීම හා ඔවුනට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම.
දෙපාර්තමේන්තුව
මුල්වරට හැඳුනුම්පත් අයඳුම් කරන්නන් සඳහා නව ජාතික හැඳුම්පත් සකස් කිරීමද
මුල් හැඳුනුම්පත් අස්ථානගතවීම නිසා ඒවායේ අනුපිටපත් සඳහා ඉල්ලුම් කරන්නන්ට එම අනුපිටපත් නිකුත් කිරීමද
මුල් හැඳුනුම්පත් පලුදුවීම හෝ අපැහැදිලිවීම හේතුකොට ගෙන ඒවායේ අනුපිටපත් නිකුත් කිරීමද කරනු ලබයි.
හැඳුනුම්පත් ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර ග්‍රාම නිලධාරීන්ට සපයා ඇත. මෙම අකෘති පත්‍ර වර්ග 3 කි.
අළුත් හැඳුනුම්පත් සඳහා අයදුම්පත්
-
මුල්වරට හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීම සඳහා.
සංශෝධිත හැඳුනුම්පත් සඳහා අයදුම්පත්
-
මුල් හැඳුනුම්පත පලුදුවීම අපැහැදිලිවීම හෝ හැඳුනුම්පතෙහි අඩංගු මූලික තොරතුරු වෙනස්වීම නිසා සංශෝධිත
හැඳුනුම්පතක් අයදුම් කිරීමට.
අස්ථානගත වූ හැඳුනුම්පත් වෙනුවෙන්
-
මුල් හැඳුනුම්පත අස්ථානගත වූ විට එහි පිටපතක් ඉල්ලීම සඳහා අයදුම්පත පිටපතක් අයදුම් කිරීම සඳහා.
අළුත් හැඳුනුම්පතක් හෝ සංශෝධිත හැඳුනුම්පතක් හෝ නැතිවූ හැඳුනුම්පතක අනුපිටපතක් හෝ අයදුම්කරන්නෙකු විසින් තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් ඒ සඳහා අවශ්‍ය නියමිත ආකෘතිපත්‍ර ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කොට ඡායාරූප හා නියමිත වටිනාකමින් යුතු මුද්දර සමග ආපසු ග්‍රාම නිලධාරිවරයාට භාරදිය යුතුය. ග්‍රාම නිලධාරිවරයා විසින් එය අදාල ප්‍රාදේශීය ලේකම්වරයා මගින් මෙම දෙපාර්තමේන්තුව වෙත එවනු ඇත. පාසල් ශිෂ්‍යයන්ගේ අයදුම්පත් අදාල විදුහල්පතිවරුන් මගින් ද වැවිලි අංශයේ වතුවල පදිංචි කරුවන්ගේ අයදුම්පත් අදාල වතු අධිකාරීවරුන් මගින් ද මෙම දෙපාර්තමේන්තුව වෙත එවනු ඇත.
අයදුම්පත්‍රය දෙපාර්තමේන්තුවට ලැබුණු පසු එය සැම අතින්ම නිවැරදිනම් අයදුම්කරු ලියාපදිංචිකර හැඳුනුම්පත්‍රය සකස්කර අයදුම්කරුට භාර දීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා මගින් අදාල ග්‍රාම නිලධාරිවරයා වෙත යවනු ඇත.
හැඳුනුම්පත් ඉක්මනින් ලබාගැනීම අවශ්‍ය අය සඳහා එක් දිනකින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවක් ද දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ. අයදුම්කරුවකුට නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත ග්‍රාම නිලධාරි හා ප්‍රාදේශිය ලේකම්වරයාගේ සහතිකය ලබාගැනීමෙන් පසු දෙපාර්තමේන්තුවේ එක් දින සේවා කවුන්ටරය වෙත පෞද්ගලිකව ගෙනැවිත් භාරදී එදිනම හැඳුනුම්පත ලබාගත හැකිවේ. මේ සඳහා දෙපාර්තමේන්තුව රු 500/= ක සේවා ගාස්තුවක් අයකරනු ලැබේ.
දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ පහසුව සඳහා ඔවුන්ගේ සම්පූර්ණ කළ අයදුම්පත් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත කෙළින්ම භාරදිය හැකිවනු පිණිස මෙන්ම හැඳුනුම්පත් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුනට ඇති ගැටළු වලට විසඳුම් සැපයීම ද අපේක්ෂාවෙන් දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිස්ත්‍රික් ජංගම සේවාවක් ද පවත්වනු ලැබේ.
විවිධ ආයතනවල සේවයේ නියුතුවූවන්ට සිය හැඳුනුම්පත් ඉල්ලුම්පත් භාරදීම පහසුකරවනු සඳහා එම ආයතන වලින් ඉල්ලීම් ලැබුණු විට දෙපාර්තමේන්තුව මගින් ආයතනික ජංගම සේවාවන් ද පවත්වනු ලැබේ.
ආරක්ෂක හමුදා විදේශීය දූත මණ්ඩල හා ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි වෙනත් රජයේ ආයතන විසින් ජාතික හැඳුනුම්පත් වල ඇති ෙතාරතුරු සනාථ කිරීම සඳහා යොමුකල විට ඊට අවශ්‍ය නිශ්කාෂන වාර්තා සැපයීම ද දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට ඉදිරිපත් වන අයදුම්කරුවන්ට එම විභාග වලට පෙනී සිටීම සඳහා ජාතික හැඳුනුම්පත සතුව සිටීම අනිවාර්ය කර ඇති හෙයින් එම අයදුම්කරුවන්ගේ හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීම සඳහා ද දෙපාර්තමේන්තුව අවශ්‍ය වැඩපිළිවෙල යොදා ඇත.