21 වන සියවසේ අභියෝගයන්ට මුහුණදීම සද‍හ‍‍ා රටේ නිතිය හා සාමය පවත්වාගෙන යාමෙහිලා ස‍හය වනු වස් පුද්ගල අනන්‍යතාවය තහවුරු කෙරෙන එකම ලේඛනය වන ජාතික හැදුනුම්පත නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ කාර්යන් ඉටුකිරීම.
 
පුද්ගලයාගේ අනන්‍යතාවය සහතික කරන එකම ලියවිල්ල වන ජාතික හැඳුනුම්පත නිකුත්කිරීමේ දී 21 වන සියවසේ අභියෝගයන්ට මුහුණදෙමින් හා ඊට ගැලපෙන අයුරින් මනාකළමණාකරනයක් කෙරේ. එම කාර්ය ඉටුකිරීමත් , එමගින් රටේ නීතිය හා සාමය ආරක්ෂාවන අයුරින් උසස් රාජ්‍ය පාලයක් පවත්වාගෙන යාමට අතහිත දීම.
 
1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පදිංචි අවුරුදු 16 සම්පූර්ණ කල පුද්ගලයින් ලියාපදිංචි කිරීම හා නව හැඳුනුම්පත් නිකුත්කිරීම. එම අඥා පනතේ 16 වන වගන්තිය අනුව සංශෝධන හැඳුනුම්පත් හා 17 වන වගන්තිය අනුව අනු පිටපත් හැඳුනුම්පත් නිකුත් කිරීම. එම සියඵ ජාතික හැඳුනුම්පත් අදාල පුද්ගලයින් වෙත අප්‍රමාදව නිකුත් කිරීම.