Sinhala Tamil
Tamil-Sri LankaEnglish (United Kingdom)
Sri Lanka Goverment
ඉතිහාසය

ඉතිහාසය

1954 වර්ෂයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද ඉන්දු - ලංකා ගිවිසුම අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීම හා හැදුනුම්පත් නිකුත් කිරීමේ සංකල්පය බිහිවිය. 1961 වසරේ බලයට පත් සිරිමාවෝ ආර්.ඩී.බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ මෙම කරුණු පිළිබඳව සලකා බලන ලද අතර, අවශ්‍ය නීති සම්පාදන කටයුතු ආරම්භ කරන ලදී. නමුත් එම පාර්ලිමේන්තු කාල සීමාව තුළ පනත සම්මත කිරීමට නොහැකි විය.ඉන් අනතුරුව 1968 වසරේ දී ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් එම පනත ඒ ආකාරයෙන්ම නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය 1968 හි අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත වශයෙන් සම්මත විය. මෙම පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමේ අරමුණින් 1971 ඔක්තෝබර් මස පළමු වන දින  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ 05 , කැප්පෙටිපොළ මාවතේ, වත්මන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය වුයේ වයස 18 ඉක්ම වූ ලංකාවේ නීත්‍යනුකුල පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම හා එම ලියාපදිංචි වූ අයදුම්කරුවන් වෙත හැඳුනුම්පත් නිකුත් කිරීමයි. මේ අනුව 1972 වර්ෂයේ සිට හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කළ අතර ප්‍රථම හැඳුනුම්පත 1972 ඔක්තෝබර් මස 16 වැනි දින එවකට ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ ආර්.ඩී.බණ්ඩාරනායක මැතිනිය වෙත නිකුත් කරන ලදී.
මෙම පනත 1971 අංක 28, 37, හා 1981 අංක 11 යන පනත් වලින් සංශෝධනය කර ඇත. 1981 අංක 11 දරන පනත මගින් කරන ලද සංශෝධනයන්ට අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ වයස අවු. 16 දක්වා අඩු කරන ලදී. දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා හැඳුනුම්පත් මිලියන 24 කට අධික සංඛ්‍යාවක් නිකුත් කර ඇත.
ආරම්භයේදී හැඳුනුම්පත සඳහා කළු සුදු ඡායාරූප යොදා ගත් අතර 2005.07.01 දින සිට වර්ණ ඡායාරූප භාවිත කරනු ලබයි. අත් අකුරින් ලියා නිකුත් කරන හැඳුනුම්පත වෙනුවට 1991.01.01 ට පසුව උපන් වයස අවු. 16 සම්පූර්ණ වන පළමුවරට හැඳුනුම්පත් ලබා ගන්නන් සඳහා පරිගණකයෙන් මුද්‍රිත හැඳුනුම්පත් නිකුත් කිරීම 2008.12.16 දින සිට ආරම්භ කරන ලදී. 

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 08:49

අයදුමපත් විමසීම්

නවතම පුවත්

කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ  අයැදුම්පතක තත්ත්වය විමසා බැලීම කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැදුම්පතක තත්ත්වය විමසා බැලීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (RPD) වෙත කෙටි පණිවිඩයක් එවීමෙන් දැන් ඔබට ජාතික හැඳුනුම්පත් සඳහා යොමු කළ අයැද... Read more